තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට ඇප ලැබුණු අර්චුනාගෙන් ප්‍රකාශයක්

තමන් දේශපාලනයෙන් සමුගන්නා බව මන්ත්‍රී රාමනාතන් අර්චුනා මහතා පවසනවා.

ඊයේ (29) චාවකච්චේරිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට අධිකරණයෙන් ඇප හිමිවීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් පළ කරමින් මෙලෙස සඳහන් කළා.

තමන් හට කිසිදු පැහැදීමක් මෙම දේශපාලන සංස්කෘතිය ගැන නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ඊයේ (29) පස්වරුවේ මන්ත්‍රීවරයා ව යාපනයේ දී පොලිස් අත්අඩංගුවට ගැනුණේ පසුගියදා අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේ දී රථවාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ වරදට එරෙහිවයි.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජිව ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත ඇප හිමිවුණු අතර නඩුව නැවත කැඳවීම පෙබරවාරි මස 03 වන දින තෙක් කල් තැබුණා.

පසුගිය මහමැතිවරණයේ දී ස්වාධීන පක්ෂ අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු වරම් දිනාගත් අර්චුනා මහතා වරින්වර දේශපාලන ලෝකයේ දැඩි කලහකාරී චරිතයක් ලෙස සිදුවීම් මැවීමට පටන් ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51