ග්‍රහ පෙරහැරකට සූදානම් වන සෞරග්‍රහ මණ්ඩලය

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් සයදෙනෙකු මේ දිනවල (29) ග්‍රහ පෙරහැරකට සූදානම් වන සිටින ආකාරය වාර්තා වනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතාට අනුව මේ දිනවල සිට පෙබරවාරි මස මැද දක්වා කාලය තුළ හිරු බැස යාමෙන් විනාඩි 90ක් ඇතුළත අහසේ මෙකී සංසිද්ධිය දැකබලා ගැනීමේ අවස්ථාව හිමි ව තිබෙනවා.

මේ සුවිශේෂ ග්‍රහ පිහිටීම ජනවාරි 21 වැනි දා ආරම්භ වූ අතර අද, එහි උච්ඡතම අවස්ථාවට එළැඹීමට නියමිතයි.

සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු සහ අඟහරු මෙලෙස එක ම පෙළක පිහිටන අයුරු පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර, එම පෙළට ම සම්බන්ධ වෙමින් යුරේනස් සහ නෙප්චූන් ද සිටින බව දුරේක්ෂයක් ආධාරයෙන් දැක බලාගත හැකි බවත් වාර්තා වනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලු ම ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරන්නේ තමාට අනන්‍ය කක්ෂයකයි.

මේ සියලු ග්‍රහලෝක සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට ගත කරන කාලය විවිධ වුවත් ඉන් ග්‍රහලෝක කිහිපයක් හෝ එක ම මොහොතක එකිනෙකට ආසන්න ලක්ෂ්‍යයක් වෙත ළඟා වන තරමක් විරල අවස්ථා එළැඹෙනවා.

‘ග්‍රහ පෙරහැර’ හෙවත් planetary parade යනුවෙන් වුව ද නම් කළ හැකි මේ සංසිද්ධිය ඇති වන්නේ එවිටයි.

පෙබරවාරි මස අවසානයට ළං වන විට බුධ ග්‍රහයා ද පෙරහැරට සම්බන්ධ වනු දැකගත හැකි බව තාරකා විද්‍යාඥයන් සඳහන් කරනවා.

එවිට පෙරහැර ග්‍රහලෝක 07ක සහභාගීත්වයෙන් යුතු විරල සංසිද්ධියක් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48