ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට අධිචෝදනා ගොනු කෙරේ (වීඩියෝ)

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම අධිචෝදනා ගොනු කරන ලද බවයි වාර්තා වන්නේ.

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ ඉඩම් අක්කර 4.3ක් බදු දීමේ දී රුපියල් මිලියන 70ක මුල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය 22 වැනිදින යළි කැඳවීමෙන් පසුවයි මෙලෙස අධිචෝදනා ගොනු කෙරුණේ.

අදාළ නඩුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇප මත මුදා හැර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එදින නඩුව කැඳවූ අවස්ථාවේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් විමර්ශන නිලධාරින් සඳහන් කර ඇත්තේ, එම සිදුවීමට අදාළව මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 04 වැනිදා කැඳවන ලෙසත් ඊට පෙර නීතිපති උපදෙස් ලැබුනහොත් නොතීසි නිකුත් කරන ලෙසත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර දැනුම් දී තිබෙනවා.

එවන් පසුබිමකයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අධිචෝදනා ගොනු කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?