හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන යොමු කළ පෙත්සමක් විභාගයට දින දෙයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල බල රහිත කරන කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කළ පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 06 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙස්සම අද (28) ධම්මික ගනේපොල සහ දමිත් තොටවත්ත යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මීට පෙර මෙම නඩුව විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු කිහිපදෙනෙකු උසස් වීම් ලබා තිබීම හේතුවෙන් මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නිවේදනය කළා.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 6 වන දා නව විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියෝග කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ පුද්ගලයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

ඒ අනුව තමන්ට සිතාසි නිකුත් කර තිබෙන ආකාරය නීතිවිරෝධී යැයි තීන්දුකොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අභියාචනාදීකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?