ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි ශූරතාව යොවුන් ක්‍රීඩක සින්නර්ට

2025 වර්ෂයේ ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි (කේවල) ශූරතාව දිනා ගැනීමට ඉතාලි ජාතික ජැනික් සින්නර් සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේ දී ජර්මන් ජාතික ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් ව පරාජයට පත් කරමින්.

මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් විසින් ලෝක ටෙනිස් ශූරයා වන සර්බියාවේ නොවැක් ජෙකොවික් පරාජයට පත් කරමින් සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගය පැවැත්වුණේ ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර Rod Laver Arena ක්‍රීඩාංගණයේදියි.

එහි දී ඉතාලි ජාතික යොවුන් ක්‍රීඩක ජැනික් සින්නර් හමුවේ පළමු වටය, දෙවැනි වටය සහ තෙවැනි වටය ඇලෙක්සැන්ඩර් ලකුණු 6-3, 7-6ක් සහ 6-3ක් ලෙස පරාජයට පත්වුණා.

ඒ අනුව ජැනික් සින්නර් විසින් ඇලෙක්සැන්ඩර් ව දෙවැනි වරටත් අඛණ්ඩ ව පරාජයට පත් කරමින් ඔස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් පිරිමි – කේවල ශූරතාව දිනා ගත්තා.

මෙහි විශේෂත්වය වනුයේ ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි තැන සිටින ස්වෙරෙව්ට පරාජයට පත්වීමට සිදුවීමයි.

මෙම ජයග්‍රහණයත් සමග සින්නර් ඉතාලියේ තෙවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනූ පළමු ටෙනිස් ක්‍රීඩකයා බවට ද පත්වුණා.

23 හැවිරිදි සින්නර්ගේ ජයග්‍රහණය ගැන හිටපු විම්බල්ඩන් ශූර පැට් කෑෂ් බීබීසි වෙත සඳහන් කර ඇත්තේ දිනෙක ජැනික් සින්නර් ටෙනිස් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා වන බවට සැකයක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33