යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකාර යෝෂිත රාජපක්ෂ අද (25) පස්වරුවේ කොළඹ අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව අද (25) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන විත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුවයි මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40