අල්ලස් ගත් සැරයන්වරයෙක් අත්අඩංගුවට

අල්ලස් ලෙස රුපියල් 20,000ක මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයා ගිරිබාව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු අයෙක් බවයි වාර්තා වුණේ.

පැමිණිලිකරු විවාහ වී සිට දැනට ඔහුව හැර ගොස් සිටින තම බිරිඳට විරුද්ධව පවරන ලද වන්දි නඩුවට අදාළව බිරිඳට ඇති වරෙන්තුව ක්‍රියාත්මක කර බිරිඳ අධිකරණයට ඉදිරිපත් කිරීට කටයුතු කිරීමට අදාළ පොලිස් සැරයන්වරයා රුපියල් 20,000ක අල්ලස් මුදලක් මෙලෙස ඉල්ලා තිබෙනවා.

ඒ, අනුව අදාළ අල්ලස් මුදල ලබාගැනීමට යාමේ දී පොලිස් නිලධාරියා පැමිණිලිකරුගේ නිවසේ දී අල්ලස් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.