දඹුල්ලේ පැවති T20 තරගාවලියේ දී තරග පාවා දුන් අමිත් පටෙල්ට වරෙන්තු

දඹුල්ලේ පැවති පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර අමිත් පටෙල් හෙවත් යෝගි පටෙල් නමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා අද (24) වරෙන්තු නිකුත් කළා.

තමන් ශ්‍රී ලංකාවෙන් පිටවූ බව සිය සේවාදායකයා විසින් ම තමන්ට දැනුම්දෙනු ලැබූ බව එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කළගම්පිටිය මහතා මහාධිකරණ විනිසුරුවරයාට දැනුම්දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම විත්තිකරුට විදේශගත වීම වළක්වමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරන ලද නමුත් ඔහු රහසිගත ව රටින් පිටව ගොස් ඇති බව පෙන්වාදෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා ද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ වාර්තාවක් සමග මෝසමක් ඉදිරිපත් කරමින් මින් පෙර මහාධිකරණයට දැනුම්දී තිබුණා.

අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝග අනුව එම විත්තිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇප බැඳුම්කර අත්සන් කළ ඇපකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

වහාම එම විත්තිකරු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසටත්, එය කිරීමට අපොහොසත් වුවහොත් ඇප මුදල් දඩයක් ලෙස අයකර ගැනීමට නියෝග කරන බවටත් විනිසුරුවරයා එම ඇපකරුවන්ට තරයේ අවවාද කළා.

පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන 30 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂිකරුවන්ට සිතාසි ද නිකුත් කෙරුණා.

විත්තිකරුවන් ඇපකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නීතිඥ රංජිත් හීල්ලගේ මහතා පෙනී සිටි අතර රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?