ලක්ෂ 12කට අධික අගයකින් යුත් මත්පැන් ස්ප්‍රීතු තොගයක් සමග අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

සුඛෝපභෝගී කැබ් රියකින් නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු තොගයක් ප්‍රවාහනය කරමින් සිටි අඹු-සැමි යුවළක් අත් අඩංගුවට ගැනුණා.

ඊයේ (23) රාත්‍රියේ දී දැඩි පරිශ්‍රමයක් යොදා පොලිසිය විසින් අදාළ කැබ් රිය පරීක්ෂා කර රයිගම – මිල්ලගස් හන්දිය ප්‍රදේශයේදියි අත්අඩංගුවට ගැනුණේ.

මෙම සැකකාර යුවළ ඉටිඋර 10ක බහා අදාළ මත්පැන් ස්ප්‍රීතු බෝතල් 450 ප්‍රවාහනය කරමින් සිට තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ භාරයට ගත් මත්පැන් ස්ප්‍රීතු බෝතල්වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්න බවයි.

බණ්ඩාරගම පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියකුට ලද තොරතුරකට අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගැනුණේ.

සැකකාර යුවළගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම මත්පැන් ස්ප්‍රීතු විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳකට ලබාදීම සඳහා පානදුරට ප්‍රවාහනය කරන බවට අනාවරණය වී තිබෙනවා.

සැකකාර යුවළ මත්පැන් පෙරන ස්ථානය සොයා වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර 43 සහ 56 හැවිරිදි මොවුන් දෙදෙනා අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?