AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ඇසෙන ලෝකය කම්පා කළ කතාවක්

ලෝකයම කම්පාවට පත් කරන ලද කතාවක් ඉන්දියානු මාධ්‍ය අද (05) දිනයේ වාර්තා කර තිබුණි. ඒ කතාව වූයේ කොරෝනා නිසා මිය ගිය පියෙකුගේ දැවෙමින් තිබූ දර සෑයට ඔහුගේ දියණියක් පැනීමක් සම්බන්ධවයි.

කොවිඩ්-19 වෛරසයට ගොදුරු වීමෙන් 73 හැවිරිදි මෝඩර්දාස් ෂර්ඩා රාජස්ථානයේ බාර්මර් දිස්ත්‍රික්කයේ රෝහලකදී මිය ගියේය.

ෂර්ඩාගේ දේහය ආදාහනය කරමින් තිබියදී ඔහුගේ බාල දියණිය වූ වයස අවුරුදු 34ක තරුණියක් එම ගිනි ඇවිලෙමින් තිබෙන දර සෑයට පැන ඇති අතර ඇය එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.

ඇයව වහාම අසළ පිහිටි රෝහලකට ඇතුළත් කළත් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා ජෝද්පූර්හි රෝහලකට යොමු කළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.

දමෝදර්දාස් ෂර්ඩාට දියණියන් තිදෙනෙක් සිටි බවත් ඔහුගේ බිරිඳ මීට කලකට පෙර මිය ගොස් ඇති අතර ඔහුගේ දියණියන් තිදෙනාගෙන් බාලයා මෙලෙස චිතකයට පැන ඇති බව සිදුවීම සම්බන්ධව පරික්ෂණ පවත්වන කොට්වාලි පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙලෙස දැවෙමින් තිබූ සෑයට පනින ලද දියණිය ආදාහනාගාරය වෙත යෑමට අවශ්‍ය බව දැඩි ලෙස බල කරමින් පවසා තිබුණු බවද පොලිසිය විසින් පවසා තිබුණි.

කොවිඩ්-19 ආසාදිත බවට අනාවරණයෙන්  පසු බාර්මර්හි පදිංචි දමෝඩර්දාස් ෂර්ඩා ඉරිදා දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබුණු අතර ඔහු ඊයේ (04) දිනයේ දී මිය ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?