නිල නිවසෙන් යන්න වුණොත් මගේ ගෙදර මහින්දට දෙන්න සූදානම් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල නිවසින් ඉවත් වීමට සිදු වුවහොත්; තමාගේ නිවස ඔහු වෙනුවෙන් ලබාදීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ සංචාරයකට එක්වෙමින් මාධ්‍යය වෙත අදහස් දක්වමින්.

වත්මන් රජය මේ වනවිට දේශපාලන නායකයින් දඩයම් කිරීමේ මෙහෙයුමක් අරඹා ඇති බවත් එහි ප්‍රතිඵලයක් මත හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට හිමි නිල නිවස ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් තිස්ස කුට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නා.

30 වසරකට එහා පැවති කුරිරු යුද්ධය නතර කිරීමට නායකත්වය ලබා දුන් ඒ මහතා යුද්ධයෙන් අනතුරුවත් රට සංවර්ධනය කරා ඔසවා තැබූ බව ද හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා.

‘නූතන දුටුගැමුණු’ ලෙස තමන් මහින්ද රාජපක්ෂ මහතා ව සලකන බවත්, කිසියම් අවස්ථාවක දී හිටපු ජනාධිපතිවරයා හට නිල නිවසෙන් ඉවත් වීමට සිදු වුවහොත් ඒ මහතාට අසීමිත ව ආදරය කරන ඕනෑ තරම් කෝටිපති ව්‍යාපාරිකයින්ගේ සහාය නව නිවසක් ලබා ගැනීම වෙනුවෙන් හිමිවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
13
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43