අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු පිරිසක් කළ ග්‍රීක බැඳුම්කරයේ නඩුව යළිත් දිග හැරේ

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද නඩුව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරු පෙර නඩු දිනයේ දී ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට ලිඛිත ව පිළිතුරු ලබාදීම අද (23) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණය හමුවේ සිදු කළා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ පැමිණිල්ලේ එකී ලිඛිත දේශන සම්බන්ධයෙන් වන නියෝගය ලබන මස 21 වැනිදා නිකුත් කිරීමට කටයුතු කරන බව මහාධිකරණ විනිසුරු ආර්. එස්.එස්. සපුවිද මහතා නියෝග කළ බවයි.

2011 වර්ෂයේ දී සිදු කරන ලදැයි පැවසෙන ග්‍රීක බැඳුම්කරය මහබැංකු රෙගුලාසි සහ මූල්‍ය මණ්ඩල රෙගුලාසි අනුව නීත්‍යනුකූල ව සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇති පසුබිමක දී ඊට වසරකට පසුව (2012) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් දෙවැනි වරටත් පහළ අධිකරණයක කබ්‍රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසට එරෙහිව නඩු පැවරීම විභාග කිරීමට නෛතික බලයක් නොමැති බව ද විත්තියේ නීතිඥවරුන් මහාධිකරණයට පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් සිය සේවාදායකයින්ව නිදහස් කරන ලෙසට විත්තියේ නීතිඥවරු ඉල්ලා සිටි අතර විත්තියේ නීතිඥවරු නැගූ මූලික විරෝධතාවලට අද දිනයේ දී ලිඛිත ව මේ අයුරින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකී විරෝධතා ගොනු කිරීම සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34