කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව මානසික ආබාධ සහිත රෝගීන්ට ලබාදෙන ඖෂධ පෙති මුදලට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙකු ඊයේ (22) අත් අඩංගුවට ගැනුණා.
තලවාකැලේ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ආහාර සහ ඖෂධ පාලකවරයා විසින් මෙම සැකකරු ව අත්අඩංගුවට ගෙන පසුව බැඳුම්කර ඇපයක් මත මුදාහැර ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු සන්තකයේ තිබී අදාළ රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධ පෙති 2111ක් සොයා ගැනුණා.
මෙම ඖෂධ පෙති වර්ගය මත්වීම සඳහා ඇතැම් පිරිස් භාවිත කරන බවත් සැකකරු කාලයක සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් හෙළි වුණා.
සැකකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1