පැදිකරුට මරු කැඳවූ නොසැලකිලිමත් රිය ධාවනය

ගම්පොළ – මහනුවර මාර්ගයේ ගුරුදෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද (22) පෙරවරුවේ මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

මරණකරු විදුලි කාර්මික, වඩුවැඩ ආදි විවිධ වෘත්තීන්වල නියැලෙමින් කටයුතු කරන්නෙකු වන බවත් හෙතෙම අද උදෑසන ගමේ විහාරස්ථානය වෙත දානය ද පූජා කර යළිත් රාජකාරි සඳහා ගෙලිඔය ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගිරාඋල්ල ප්‍රදේශයේ පදිංචි මධුර කීර්ති නමැති 58 හැවිරිදි දෙදරු පියෙක්.

කොළඹ – දෙල්ගොඩ ප්‍රදේශයේ සිට ගම්පොළ දෙසට පැමිණ ඇති මෙම මෝටර් රථය මාර්ගයේ වැරදි දෙසට ධාවනය වී මෙම පැදිකරු ද යට කරගෙන ගොස් මාර්ගයේ පැති බැම්මේ ගැටී නතර වී තිබෙනවා.

අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවයි පොලිසිය සැක කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25