පොල් ගෙඩි මිලියන 200ක් ආනයනයට අවසර ඉල්ලයි

‍රටට ඉදිරි මාස කිහිපයට අවශ්‍ය කරන පොල් ගෙඩි සඳහා එය ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

පොල් කර්මාන්ත මණ්ඩලය පැවසුවේ පොල්ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට රජයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇති බවයි.

පොල් ආශ්‍රිත, නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බවයි එහි සභාපති ජයන්ත සමරකෝන් මහතා පවසනවා.

මේ වනවිට රට තුළ සහ වෙළෙඳපොළ තුළ ඇති පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවයි එහි සභාපතිවරයා පැවසුවේ.

මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේ දී එය පොල් ගෙඩි මිලියන 2,680 ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේ දී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400 – 2600 අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පර්යේෂණ ආයතන​ය පුරෝකථනය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27