මූල්‍ය වංචා වරෙන්තු 30ක් ඇති අඹු-සැමි යුවළක් අත්අඩංගුවට

පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා මූල්‍ය වංචා සිදු කරමින් වව්නියාවේ නිවසක සැඟව සිටි වරෙන්තු 30ක් පවතින අඹු – සැමි යුවළක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (21) දහවල් මෙම සැකකරු සහ සැකකාරිණිය අත් අඩංගුවට ගත් බවයි වව්නියාව පොලිසිය පැවසුවේ.

මෙම යුවළ පුද්ගලයින්ව රුමේනියාවේ රැකියා සඳහා යවන බවට දන්වමින් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වංචා කර තිබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකාර අඹු – සැමි යුවළට විරුද්ධව ඒරාවුර් අධිකරණය තුළ වරෙන්තු 30ක් ඇති බවත්, ස්වාමිපුරුෂයාට විරුද්ධව වරෙන්තු 16 ක් ද, බිරිඳට එරෙහිව වරෙන්තු 14 ක් ද පවතින බව හෙළි ව තිබෙන බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 55ක පුද්ගලයෙකු වන බවත්, බිරිඳ වයස අවුරුදු 48ක තැනැත්තියක් වන බව ද පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුද්ගලයින් 28 දෙනෙකුට වැඩි පිරිසක් විදෙස්ගත කරන බවට පවසා මුල්‍ය වංචා සිදුකර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14