මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබෙනවා.

රථ වාහන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය අනුරාධපුර අධිකරණයට අද (21) දිනයේ කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඒ, අනුවයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.