ඉතාලිය හා ශ්‍රී ලංකාව අතර ගුවන් සේවාවක් සඳහා ගිවිසුම් ගතවීමට අනුමැතිය

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ගුවන් සේවාවක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

අද (21) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළා.

මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර සතියකට මගී ගුවන් ගමන් වාර 14ක් සහ භාණ්ඩ ප්‍රවාහන සේවා ගුවන් ගමන් වාර 07ක් ද ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?