වී සඳහා අවම මිලක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
කොළඹ දී අද (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
ඒ, අනුව ඉතිහාසයේ පළමු වතාවට ගොවියාට වී සඳහා අවම මිලක් ලබාදීමට නියමිත බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
වී කිලෝවක් සඳහා වන අවම මිල සැකසීමේ කටයුතු මේ වනවිටත් භාර දී ඇති බවත්, ඉන් අනතුරුව එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම ප්‍රමිතින් යුතුව රජයට ලබාදෙන වී සඳහා වී කිලෝවකට අමතර රුපියල් දෙකක මුදලක් ගොවියාට ලබාදෙන බව ඔහු මම මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියා.
රජයේ වී ගබඩාවලට වී මිලදී ගැනීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඇති බවත් ඒ අනුව කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ.