ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට පුද්ගලික වාහනවල ගමන් බිමන් තහනම්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඉන්දීය තරග සංචාරය තුළ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කරුණු දහයකින් යුත් ප්‍රතිපත්ති ලේඛනයක් හඳුන්වා දී තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ සංචාරය තුළ දී විස්සයි විස්ස තරග 05ක් සහ එක්දින තරග තුනක් සඳහා ඉන්දියාව එංගලන්තයට සත්කාරකත්වය සපයනවා.

එම කාලය තුළ දී සංචිතයේ සිටින කිසිඳු ඉන්දීය ක්‍රීඩකයෙකුට පුද්ගලික වාහනවල ගමන් කිරීම තහනම් කර ඇති බව අදාළ ප්‍රතිපත්ති ලේඛනයේ ඇතුළත්.

සියලුම ක්‍රීඩකයින් කණ්ඩායම සමඟ එකට තරඟ සහ පුහුණු සැසි සඳහා ගමන් කළ යුතු අතර, එහිදී කණ්ඩායම් බස් රථයක් පමණක් සකසා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිසියම් ක්‍රීඩකයෙකුට කණ්ඩායමේ සෙසු අයගෙන් වෙන්ව පුහුණුවීම් හෝ ක්‍රීඩා සඳහා ගමන් කිරීමට අවශ්‍ය නම් ප්‍රධාන පුහුණුකරුගේ හෝ තේරීම් කමිටු ප්‍රධානියාගේ “පූර්ව-අනුමත” අනුමැතියක් අවශ්‍ය වනවා.

ඊට අමතරව ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණයෙන් පිටව යාමට පෙර සම්පූර්ණ පුහුණු සැසිය හෝ තරගය අවසන් වන තෙක් බලා සිටීමට සිදුවන බවත් ප්‍රතිපත්ති ලේඛනයේ සඳහන්.

මෙම නව ප්‍රතිපත්ති “නියෝගයක්” හෝ “දඬුවමක්” නොවන බවයි තේරීම් කමිටු ප්‍රධානි අජිත් අගාර්කර් පවසා සිටියේ.

එංගලන්තය අතර තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ලබන 22 වනදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය පෙබරවාරි මස 06 වනදා ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27