පන්නල, කැලණියමුල්ල රක්ෂිතයේ තිබී තරුණ යුවළකගේ සිරුරු අද (19) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුරු සොයාගත් බවයි පන්නල පොලිසිය සඳහන් කළේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ විවාහක යුවළකගේ මළ සිරුරු බවයි පන්නල පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.
මොවුන් දෙදෙනා වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මියගොස් ඇති පිරිමි පුද්ගලයා අවුරුදු 37ක අයෙක් වන අතර, ඔහු යුද හමුදා සමජිකයෙන් බවයි වාර්තා වන්නේ.
කාන්තාව වයස අවුරුදු 32ක තැනැත්තියක් වන අතර ඇය ගුරුවරියක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මොවුන් දෙදෙනාට පෙරපාසල් වියේ පසුවන කුඩා දරුවෙක් ද සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.
දෙදෙනාගේ සිරුරු සොයාගත් ස්ථානයේ තිබී ලිය තිබූ ලිපියක් ද හමුව ඇති අතර, මොවුන් දෙදෙනා අධික ණය බරින් සහ ආර්ථික ගැටලුවලින් පෙළී ඇති බවයි එහි සඳහන් කර ඇති බව පොලිසිය පැවසුවා.
මීට අමතරව මෙම යුවළ රක්ෂිතයට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.














පේනවනේද හොරැ හොරාකාල අහිංසක ජීවිත ජීවත් කරගන්න බැරි උනාම කරගන්න දේ…තව ඕන තරම් මෙහෙම ආරැකම් තියෙන අය ඉන්නවා….අපේ සල්ලි හොරකම් කල ඒ පාහර කාලකන්නි න්ට ඉක්මනින් මෙලෙවදීම දඩුවම් ලැබේවා….
Me thathwaya wegayen wadiwunu welawaka ape wasanawata thamai NPP anduwa paminiye.