විවාහක තරුණ යුවළක් ලිපියක් ද ලියා පන්නල කැලයක් මැද දිවි නසාගනී

පන්නල, කැලණියමුල්ල රක්ෂිතයේ තිබී තරුණ යුවළකගේ සිරුරු අද (19) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත මෙම මළ සිරුරු සොයාගත් බවයි පන්නල පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ විවාහක යුවළකගේ මළ සිරුරු බවයි පන්නල පොලිස් ස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.

මොවුන් දෙදෙනා වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මියගොස් ඇති පිරිමි පුද්ගලයා අවුරුදු 37ක අයෙක් වන අතර, ඔහු යුද හමුදා සමජිකයෙන් බවයි වාර්තා වන්නේ.

කාන්තාව වයස අවුරුදු 32ක තැනැත්තියක් වන අතර ඇය ගුරුවරියක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මොවුන් දෙදෙනාට පෙරපාසල් වියේ පසුවන කුඩා දරුවෙක් ද සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.

දෙදෙනාගේ සිරුරු සොයාගත් ස්ථානයේ තිබී ලිය තිබූ ලිපියක් ද හමුව ඇති අතර, මොවුන් දෙදෙනා අධික ණය බරින් සහ ආර්ථික ගැටලුවලින් පෙළී ඇති බවයි එහි සඳහන් කර ඇති බව පොලිසිය පැවසුවා.

මීට අමතරව මෙම යුවළ රක්ෂිතයට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
22
+1
3
+1
4
+1
109
+1
4
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?