මාතර – තංගල්ල මාර්ගයේ ගන්දර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
පුද්ගලෝක බස් රථ දෙකක් ගැටී අද (19) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 58ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
තුවාල ලැබුවන් අතර කාන්තාවන් 30 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 58 දෙනෙක් වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර සිටියා.
මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් අතර නෙදර්ලන්ත ජාතිකයෙක් ද සිටිනවා.
එක් බස් රථයක රියදුරෙකු සහ තවත් දෙදෙනෙක් බරපතළ තත්ත්වයේ පසුවන අතර, තුවාල ලැබූ සියලු දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ මාතර මහ රොහලේ බවයි පොලිසිය පැවසුවේ.
වැසි සහිත කාලගුණයක් පැවැති අවස්ථාවේ දී මෙම බස් රථ දෙක අධික වේගයෙන් ධාවනය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක්.