ෂී ජින්පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ටික්ටොක් ගැන සාකච්ඡාවක්

චීන ජනාධිපති ෂී ජින්පිං, එක්සත් ජනපද නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එක්සත් ජනපදයේ තහනම් කිරීමට සැරසෙන ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුම සම්බන්ධයෙන් මෙහිදී නායකයින් දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ මෙම ඇමතුම චීනය සහ ඇමරිකා එක්සත් ජනපදයට ඉතා හොඳ ඇමතුමක් වනු ඇති බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම දුරකථන සාකච්ඡාව පිළිබඳව චීනය වාර්තා පළ කළත්, ටික්ටොක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් කළ බවට තොරතුරු වාර්තාකර තිබුණේ නැහැ.

ඇමරිකානුවන් මිලියන 170 කට අධික සංඛ්‍යාවක් විසින් භාවිත කරන ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදුම හෙට දිනයේ සිට තහනම් කිරීමේ නීතියක් එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (17) තහවුරු කළා.

ට්‍රම්ප් ටික්ටොක් සඳහා සහයෝගය ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ පරිපාලනය නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කරනවා.

මේ අතර සඳුදා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වන ලෙස මෙහිදී ෂී ජින්පිං ජනාධිපතිවරයාට ආරාධනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර, චීනයේ විදේශ අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ උප ජනාධිපති හැන් ෂෙන්ග් ෂීගේ විශේෂ නියෝජිතයා ලෙස සහභාගී වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14