20-20 පිටියේ අවිශ්කගෙන් සුපිරි වාර්තාවක්

ශ්‍රී ලංකා පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ සුපිරි පිති ප්‍රහාරයත් සමඟ ILT20 තරගාවලියේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 05කින් ජය ගන්නට සාජා වොරියර්ස් කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

එහිදී සාජා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 27ක් තුළ වේගවත් ලකුණු 81ක් රැස්කරමින් තරගයේ කැපීපෙනෙන ඉනිම ක්‍රීඩා කළා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 16 කදී සිය අර්ධ ශතකය රැස්කළ අතර එම අර්ධ ශතකය වාර්තා අතර එක්වන්නේ ILT20 ඉතිහාසයේ ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසටයි.

ඊට අමතරව ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් රැස්කරන ලද වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසට ද එම අර්ධ ශතකය වාර්තා අතර එක්වනවා.

ඊයේ තරගයේ දී අවිශ්ක පන්දු 27ක් තුළ රැස්කළ ලකුණු 81ට හයේ පහර 08ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04