පාකිස්තානයෙන් ප්‍රංශයට ගිය ගුවන් යානාවක් නිසා ලොවක් කැලඹෙයි?

පාකිස්තාන ගුවන් සේවයේ දැන්වීමක් රැගත් ගුවන් යානාවක් පෙන්වන ඡායාරූපයක් හේතුවෙන් සමාජ මාධ්‍යයේ මේ වනවිට විශාල කතාබහක් මතු ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ අදාළ වෙළෙඳ ප්‍රචාරණයේ දැක්වෙන්නේ පාකිස්ථානයට අයත් ගුවන් යානාවක් එහි ධජය ද රැගෙන ප්‍රංශයේ අයිෆල් කුළුණ දෙසට යන්නේ; ” Paris, we’re coming today” යනුවෙන් නිවේදනය කරමින් බවයි.

මෙම සිදුවීම ඇතැම් පාර්ශ්ව පෙන්වා දී ඇත්තේ විවේචනාත්මක ලෙස බවයි පැවසෙන්නේ.

නමුත් තොරතුරු වාර්තා වන පරිදි අදාළ දැන්වීම ප්‍රංශ අගනුවරට යළිත් පාකිස්තාන ගුවන් සේවා නැවත ගමන් ආරම්භ කිරීම සංකේතවත් කරමින් සිදු කරන ලද්දක් බවයි සඳහන් වන්නේ.

සමහර සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම දැන්වීම 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලට සමාන බව සටහන් කිරීම ඊට විවේචන එල්ල වීමට හේතු වී තිබෙනවා.

“මෙය දැන්වීමක් ද නැතහොත් තර්ජනයක් ද?” එක් පරිශීලකයෙක් X සටහනක ලියා තිබෙනවා.

තවත් පරිශීලකයෙක් මෙම දැන්වීම අර්ථ දක්වා ඇත්තේ “ඔබේ අලෙවිකරණ කළමනාකරු සේවයෙන් පහ කරන ලෙස යි.”

පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ දා සිට X හි මෙම රූපය මිලියන 21කට වඩා නරඹා ඇති අතර එය වේගවත් ප්‍රචාරණයක් ද ලබාගෙන තිබෙනවා.

කෙසේවෙතත් අගමැති ෂෙබාස් ෂරීෆ් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර තිබෙනවා.

නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ද දැන්වීම විවේචනය කර ඇති බව පකිස්ථානයේ ජියෝ නිවුස් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43