නෝර්ට්ජේ චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට

දකුණු අප්‍රිකාවෙන් බිහි වුණු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ඇන්‍රිච් නෝර්ට්ජේ (Anrich Nortje) හට 2025 වර්ෂයේ චැම්පියන්ස් කුසලානය අහිමි වී තිබෙනවා.

කොන්දෙහි හටගත් ආබාධයක් හේතුවෙන් ඔහු ව තරගාවලියට එක් කරගත නොහැකි බවයි වාර්තා වූයේ.

චැම්පියන් කුසලානය පමණක් නොව නෝර්ට්ජේ හට දකුණු අප්‍රිකාවට ඉතිරි සෙසු පන්දුවාර 20 තරගාවලි ද අහිමි වීමේ අවදානමක් පවතින බවත් පැවසෙනවා.

නෝර්ට්ජේ නොමැති වීම දකුණු අප්‍රිකාවට චැම්පියන්ස් කුසලානයේ දී ඉමහත් පාඩුවක් වනු ඇති බවත් වාර්තා වනවා.

පසුගිය ජුනි මාසයේ පැවති T20 ලෝක කුසලානයෙන් පසු නෝර්ට්ජේ කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවකට ක්‍රීඩා කර නොමැති අතර පාකිස්තානයට එරෙහි සුදු පන්දු තරගාවලිය සඳහා නැවත පැමිණීමට නියමිතව සිටි නමුත්
පුහුණු සැසියක දී සිදු වූ ආබාධයකින් ඔහුගේ ඇඟිල්ල බිඳී යාමෙන් ආබාධයට ලක් වුණා.

මෙතෙක් නෝර්ට්ජේ වෙනුවෙන් කිසිදු ආදේශකයක් දකුණු අප්‍රිකාවෙන් නම් කර නැහැ.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ සුදු පන්දුවේ පුහුණුකරු වන රොබ් වෝල්ටර් පැවසුවේ බොහෝ විට නෝර්ට්ජේ වෙනුවට ජෙරල්ඩ් කෝට්සි පැමිණීමට ඉඩකඩ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32