ඔස්ට්‍රෙලියාව සමග එක්දින තරග 02කකට අනුමැතිය හිමිවෙයි

ශ්‍රී ලංකාව සමග එක්දින තරග 02කට ඉල්ලූ අවසරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඔස්ට්‍රෙලියාවට යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ටෙස්ට් තරග 02කට අමතරව එක් එක්දින තරගයක් හම්බන්තොට දී පැවැත්වීමට මීට පෙර කටයුතු යොදා තිබූ බවයි.

නමුත් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තවත් අමතර එක්දින තරගයක් දෙරට අතර පවත්වන ලෙසට ද යෝජනා කර සිටියා.

ඒ අනුව දෙරට අතර එක්දින තරග දෙකක් සඳහා මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය හිමිව තිබෙනවා.

ඔස්ට්‍රෙලියාව එළඹෙන 24 වැනිදින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර දෙරට අතර පැවැත්වෙන එක්දින තරග දෙකෙන් පළමු වැන්න ජනවාරි මස 12 වැනි දිනත් අමතර එක්දින තරගය ජනවාරි මස 14 වැනි දිනත් පැවැත්වෙනු ඇති.

මෙම එක්දින තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

එක්දින තරගාවලියට පෙර දෙරට අතර ගාල්ලේ දී ටෙස්ට් තරග දෙකක් ලෝක ටෙස්ට් ශූරතාව ඉලක්ක කරගෙන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

473569792 978920844106307 6159162021368043070 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32