ලොස් ඇන්ජලීස් ගොඩනගන්න ඩොලර් බිලියන ගණනක් – ලැව් ගින්න මේ සතියේ දරුණු අතට

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව් ගින්න ව්‍යාප්තියට උපකාරීවන සුළං මේ සතිය තුළ නැවත ඇති විය හැකි බව අංශ අනාවැකි පළකර තිබෙනවා.

ඒ, අනුව ලොස් ඇන්ජලීස් වැසියන් තවදුරටත් දරුණුවන ලැව්ගින්නට සූදානම් වෙමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

ලැව්ගිනි තුනකින් මේ වනවිට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයට පීඩා ගෙන දෙමින් පවතින අතර, ඉන් වැඩිම බලපෑමක් ‘පැලිසේඩ්ස්’ ගින්නෙන් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

‘පැලිසේඩ්ස්’ ගින්න අක්කර 23,000 කට වඩා භූමි ප්‍රමාණයක පැතිර ගොස් ඇති අතර, සඳුදා සවස වන විට ඉන් 14%ක් පාලනය කර තිබෙනවා.

එමෙන්ම ‘ඊටන්’ ගින්නෙන් අක්කර 14,000 කට වඩා දැවී ගොස් ඇති අතර, එය 33% ක් පාලනය කර ඇති බව බලධාරීන් පවසනවා.

ඊටන් ගින්න සහ පැලිසේඩ්ස් ගින්න පැතිර යන ප්‍රදේශවල අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 23 දෙනෙකු අතුරුදහන්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර ලැව් ගින්නෙන් දරුණු ලෙස හානියට පත්ව ඇති ලොස් ඇන්ජලීස් නුවර, යළි ගොඩනැගීමට ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

ලැව් ගින්නෙන් උන්හිටිතැන් අහිමිව විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම වෙනුවෙන් ද බයිඩන් ජනාධිපතිවරයාගේ අවදානය යොමුව තිබෙනවා.

ලොස් ඇන්ජලීස් නගරයට බලපෑ වියළි කාලගුණය හේතුන් පසුගිය 07 වනදා මෙම ලැව් ගිනි ආරම්භ වූ අතර ඉන් සිදුව ඇති දේපළ හානිය පිළිබඳව තවමත් නිශ්චිතව ගණන් බලා නැහැ.

මේ අතර කැලිෆෝනියාවේ අලුතින් තේරී පත් වූ ඩිමොක්‍රටික් සෙනෙට් සභික ඇඩම් ෂිෆ් පැවසුවේ, ඉදිරියේදී පැමිණෙන ට්‍රම්ප් පරිපාලනය ආපදා සහන සැපයීමට ඉක්මනින් පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

1 4

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43