මාර්ග ගත ක්‍රමයට හෝටලයක් වෙන් කළ විදෙස් ජාතිකයෙකුගෙන් පොලිසියට පැමිණිල්ලක්

මාර්ග ගත ක්‍රමයට වෙන් කරන ලද සංචාරක හෝටලයක් වසර පහක පමණ කාලයක සිට වසා දමා ඇති බව දැන ගැනීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්වූ බව මෙරටට පැමිණි ඉතාලි සංචාරකයෙක් පවසනවා.

මේ සම්බන්ධයෙන් අදාළ විදෙස් ජාතිකයා කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ඉතාලියේ රෝමය නගරයේ පදිංචිකරුවෙකු වන මෙම විදෙස් ජාතිකයා පසුගිය 09 වනදා මෙරටට පැමිණ මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන තිබෙනවා.

පසුව ඔහු මාර්ග ගත ක්‍රමය ඔස්සේ කල්පිටිය, සේතාවාඩිය ප්‍රදේශයේ ඇති බව කියන සංචාරක හෝටලයක් වෙන් කරගෙන ඇති බව සඳහන්.

එලෙස වෙන්කරගත් හෝටලයට එම විදෙස් ජාතික සංචාරකයා ඊයේ (13) දිනයේ පැමිණ ඇති අතර, එහිදී ඔහුට දැනගන්නට ලැබී ඇත්තේ එම හෝටලය වසර 05ක පමණ කාලයක සිට වසා දමා ඇති බවයි.

මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි එම විදෙස් ජාතිකයා පොලිසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් එම විදෙස් ජාතිකයා සංචාරකයා කල්පිටිය, සේතාවාඩිය ප්‍රදේශයේ පිහිටි වෙනත් හෝටලයකට යොමුකිරීමට කල්පිටිය පොලිසිය කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30