Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

තෛපොංගල් දිනය අදයි

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

“උතුරා යාම නැතිනම් පිටාර ගැලීම” පොංගල් යන වචනයේ අදහසයි.

මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකනවා.

අස්වනු කපා වියළාගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පූජා කිරීම මෙම දිනයේ දී සිදු කරනු ලබනවා.

ඊට අමතරව තම අස්වැන්න සරුවීමට උපකාර කළ ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් මෙම උත්සවයේ අරමුණයි.

වසර 2000 කට වඩා පැරණි මෙම තෛපොංගල් උත්සවය සෞභාග්‍යය හා ස්තූති කිරිම හා බැඳී පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?