පන්ජාබ් කිංග්ස් නායකත්වය අයියර්ට

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම 2025 අයි.පී.එල් තරඟාවලියේ නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් නම් කර තිබෙනවා.

අසමසම පියවරක් ලෙස, බොලිවුඩ් සුපිරි තරුව සල්මන් ඛාන් විසින් ඊයේ ‘බිග් බොස්’ රියැලිටි රූපවාහිනී වැඩසටහනේ දී මෙම නිවේදනය සිදුකරනු ලැබුවා.

මෙම වැඩසටහන සඳහා සල්මන් සමඟ ක්‍රිකට් ක්‍රීඩකයින්වන ශ්‍රෙයාස් අයියර්, ශෂාන්ක් සිං සහ යුෂ්වේන්ද්‍ර චහාල් එක්ව සිටියා.

නායකත්වයට තෝරා පත්කර ගැනීම හේතුවෙන් 30 හැවිරිදි අයියර් පන්ජාබ් කිංග්ස් කළමනාකාරිත්වයට මෙහිදී කෘතඥතාව පළකර සිටියා.

කණ්ඩායමේ නව පුහුණුකරුවන රිකී පොන්ටින් සමඟ නැවත වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත්, මංගල ශූරතාව ලබාගැනීම සඳහා කණ්ඩායම සමඟ කැපවීමෙන් කටයුතු කරබ බවත් ශ්‍රෙයාස් අයියර් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති අයි.පී.එල් මෙගා වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 26.75 කට මිලදී ගත්තා.

එය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට රුපියල් කෝටි 27ක දැවැන්ත මිලකට අලෙවි වූ රිෂාබ් පාන්ට්ගෙන් පසුව වෙන්දේසියේ දෙවන වඩාත්ම මිල අධික මිලදී ගැනීම වුණා.

මෙම මිලදී ගැනීමෙන් පසු අයියර් 2025 අයි.පී.එල් තරගවාරය සඳහා පන්ජාබ් කිංග්ස් නායකයා ලෙස නම් කරනු ඇතැයි අපේක්ෂා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06