තෙල් මෝලේ සිකුරිටි මරා සේප්පුව බින්ඳ සැකකරු අල්ලයි

තෙල් නිෂ්පාදන ආයතනයක ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි තිබූ සේප්පුව කඩා මුදල් කොල්ල කෑ සිද්ධියක් ඊයේ (11)
මුන්දලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම අපරාධය සිදුකළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුන්දලම, බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේ දී ඝාතනයේ සහ කොල්ලයේ තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසියට හැකිව ඇති අතර, ඔහුගේ නිවසේ දුම් මැස්සේ සඟවා තිබිය දී කොල්ලකන ලද රුපියල් 1,041,750 මුදලක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (11) අලුයම් කාලයේ අදාළ තෙල් නිෂ්පාදන ආයතනයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි සේප්පුව බිඳ රුපියල් 1,350,180ක මුදලක් කොල්ලකා ඇති බවට වාර්තා වුණා.

මෙලෙස ඝතනයට ලක්ව තිබුණේ හලාවත, විජයකටුපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කේ.එම්.නුරාජ් ඉන්දික නැමැති අවුරුදු 46ක පුද්ගලයෙක්.

අපරාධය සම්බධයෙන් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවල දී සැකකරු පැය 24ක් ගතවන්නටත් පෙර මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14