වේගයෙන් යන රියදුරන් අල්ලන ගැජට් එක පොලිසිවලට බෙදයි (වීඩියෝ)

වේග සීමාව ඉක්මවා රිය ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමට යොදාගන්නා වේග මාපක උපකරණ (SPEED GUN) පොලිසි වෙත බෙදාදීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඒ, අනුව රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක උපකරණ 30ක් පොලිස් රථ වාහන නිලධාරීන් වෙත සංකේතාත්මකව ලබාදීම අද (11) දිනයේ දී සිදුකෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහි පළමු අධියර යටතේ මීගමුව, කැළණිය, ගම්පහ යන පොලිස් කොට්ඨාසවලට මෙම උපකරණ බෙදාදීම මෙලෙස සිදුකෙරුණා.

එමෙන්ම ඉදිරියේ දී දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි මෙම උපකරණ ලබාදීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම වේග මාපක උපකරණ හැසිරවීම සඳහා අවශ්‍ය පුහුණුවක් ද ඉදිරියේ දී පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46