නියෝජ්‍ය ආරක්ෂක ඇමති සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක අතර හමුවක් (ඡායාරූප)

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ආනන්ද් මුකුන්දන් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි අතර හමුවක් ඊයේ (11) කොළඹ දී පැවැත් වුණා.

මෙම හමුව අතරතුර, ජනවාරි 26 වන දින ඉන්දියාවේ 76 වන ජනරජ දින සැමරුම් උත්සවයට සහභාගී වන ලෙස කපිතාන් මුකුන්දන් නියෝජ්‍ය අමාත්‍යවරයාට නිල ආරාධනයක් සිදුකර තිබෙනවා.

ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වයම මෙහිදී සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.

තවද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පවතින දිගුකාලීන හා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා වී තිබෙනවා.

දෙරට අතර, ශක්තිමත් පුද්ගලාන්තර සම්බන්ධතා වර්ධනය කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අවස්ථාවේ අවධාරණය කළ අතර, ඉන්දියාවෙන් අඛණ්ඩව ලැබෙන හමුදා සහාය පිළිබඳ සිය කෘතඥතාව පළ කර සිටියා.

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් සඳහා ඉන්දියාව දක්වන සහයෝගය මේජර් ජෙනරල් ජයසේකර අගය කළ අතර, මෙම දැවෙන ගැටලුවට එරෙහිව සටන් කිරීම සඳහා අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී අවධාරණය කළා.

WhatsApp Image 2025 01 11 at 9.10.44 AM 1
WhatsApp Image 2025 01 11 at 9.10.44 AM
WhatsApp Image 2025 01 11 at 9.10.43 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41