බල්ලොත් එක්ක හාල් ඇද්ද දෙදෙනාට වසර 05ක අත්හිට වූ සිරදඬුවම්

සුනඛයින් දෙදෙනෙකු සමඟ ලොරි රථයකින් සහල් තොගයක් ප්‍රවාහනය කර බලංගොඩ නගරයේ ඇති වෙළෙඳසැල්වලට බෙදාහරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් දසදහස බැගින් වූ දඩ මුදලක් සහ වසර 03ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් වසර 05කට අත්හිටුවීමට බලංගොඩ මහෙස්ත්‍රත්වරිය අද (10) නියෝග කළා.

එක් අයෙකු වෙනුවෙන් නියම කළ රුපියල් දසහසක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මසක කාලයක සිහිල් සිරදඬුවම් නියම කිරීමටයි අධිකරණය නියෝග කර සිටියේ.

එමෙන්ම සහල් තොග අධිකරණය භාරයේ තබන ලෙසත්, ලොරි රථය රැපියල් ලක්ෂ 05ක බැඳුම්කරයක් මත නිදහස් කරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා.

අදාළ සහල් තොගය සත්ව ආහාර වශයෙන් සතුන්ගේ පරිභෝජනය සඳහා මුදාහැරීමට ප්‍රධාන ආහාර බලධාරියා ලෙස සලකන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තාවක් කැඳවා ලබන 31 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම් දෙනු ලැබුවා.

රුපියල් ලක්ෂ විසි හතරක් ව⁣ටිනා අදාළ සහල් තොගය ඉකුත් 04 වනදා තිස්සමහාරාම ප්‍රදේශයේ සිට සුනඛයින් දෙදෙනකු සමඟ ප්‍රවාහනය කර බලංගොඩ නගරයේ ඇති වෙළඳසැලට බෙදාහරිමින් සිටිය දී බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබුණා.

අනතුරුව බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය කේ.එස්.ඩි.පි.කණ්ඩුලගේ උපදෙස් පරිදි වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක විරසේකර ,ඒ.එමි.සී.එල්. ආදාදොළ, ඒ.වි.ඒ.පී. ගුණරත්න , ජී.සි.එම්.සෝමතුංග යන මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් විසින් එම වැටලීම සිදුකර සැකකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබුවා.

රත්නපුර ප්‍රදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය අනෝජ රොද්‍රිගෝගේ උපදෙස් පරිදි රත්නපුර ආහාර හා ඖෂධ පරික්ෂක ජේ.කේ.පි.ප්‍රියකුමාර අධිකරණ කටයුතු මෙහෙයවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03