රෝහින්‍යා සරණාගතයින් පිරිස මියන්මාරයට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලීමක්

මෙරට රැඳවුම් භාරයේ සිටින රෝහින්‍යා සරණාගතයින් නැවති මියන්මාරයට පිටුවහල් නොකරන ලෙසට සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ප්‍රකාර ව අදාළ පිරිසට සලකන ලෙසට ඉල්ලා විරෝධතාවක් ඊයේ (09) පැවැත්වුණා.

මෙම විරෝධතාව මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඉදිරිපස දියි පැවැත්වුණේ.

මානව හිමිකම් සංවිධාන හා කාන්තා සංවිධාන නියෝජතයින් පිරිසක් අදාළ ඉල්ලීම කරමින්
විරෝධතාවයේ නිරත වුණා.

ජාත්‍යන්තර සරණාගතයින්ගේ තෝතැන්නක් ලෙසට ශ්‍රී ලංකාව පත්වනවාට තමන් අකමැති නමුත් දැනට සරණාගත තත්ත්වයෙන් සිටින පිරිස් වෙත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා සරණාගත නීති අනුව කටයුතු කළ යුතු බවට අදාළ පිරිස ඉල්ලීම් කළා.

එහිදි විරෝධතාවට එක්වූවන් පැවසුවේ දැනට රෝහින්‍යා සරණාගතයින් පිරිස ආරක්ෂක අංශ කඳවුරක් තුළ රඳවා තබාගෙන සිටින අතර, අදාළ පිරිස සිවිල් පරිපාලනය ස්ථාපිත ස්ථානයක් වන මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වැනි ‍රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සාමාජික රටක් වන ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ නීති අනුව හා ප්‍රතිපත්ති මත රෝහින්‍යා සරණාගතයින්ට සැළකිය යුතු බව ද විරෝධතාවයට එක්වූවන් ප්‍රකාශ කළා.

අදාළ ඉල්ලීම් කරමින් රජයෙන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා වෙත, විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සංදේශ යොමු කිරීමට කටයුතු කරන බව ද විරෝධතාවට එක්වූවන් පැවසුවා.

මියන්මාර රාජ්‍යයේ පවතින අර්බුද හමුවේ මියන්මාර ජාතිකයින් බෝට්ටුවක නැගී වෙනත් රටකට පලා යමින් සිටියදී මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට දෙසැම්බර් 19 වැනිදා පුද්ගලයින් 115 දෙනෙකු රැගත් බෝට්ටුවක් පැමිණි අතර ඔවුන් ව නාවික හමුදාව විසින් බේරාගනු ලැබුවා.

අදාළ බෝට්ටුව නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය දක්වා රැගෙන යාමෙන් අනතුරුව අධිකරණ නියෝග යටතේ පුද්ගලයින් 103 දෙනෙකු දෙසැම්බර් 23 වැනිදා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණු අතර අදාළ පිරිස මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසට මීට පෙර අධිකරණය නියෝග කළ ද, මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත මුලතිව් ගුවන් හමුදා කඳවුරු රැඳවුම් මධ්‍යස්ථානය වෙත අදාළ පිරිස පසුව යොමු කෙරුණා.

එහිදී බෝට්ටුවේ නාවික කාර්මිකයින් ලෙස කටයුතු කළ 12 දෙනෙකු අධිකරණ නියෝග යටතේ බන්ධනාගාර ගත කිරීමට ද ත්‍රිකුණාමලය අධිකරණය නියෝග කළා.

අධිකරණ නියෝග යටතේ බන්ධනාගාරගත ව සිටි 12 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසට අධිකරණය නියෝග කොට තිබීම හමුවේ අදාළ 12 දෙනා ද ජනවාරි 07 වැනිදා මුලතිව් ගුවන් හමුදා කඳවුරු මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.

මියන්මාර ජාතිකයින් පැමිණි යාත්‍රාවේ දරුවන් 45 දෙනෙකු, කාන්තාවන් 24 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 46 දෙනෙකු ගමන් කරමින් සිටි අතර ඔවුන් සියලු දෙනා මේ වනවිට රැඳී සිටින්නේ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රැඳවුම් මධ්‍යස්‍ථානය තුළයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10