ගලබොඩ අත්තේ ඥානසාර හිමිට මාස 09ක ලිහිල් සිරදඬුවම් හිමිවෙයි

ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලද බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමිට මාස 09ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (09) නියම කළා.

ඉස්ලාම් ආගමට හිතාමතාම, ද්වේෂසහගතව අපහාස කිරීම සිදුකර ඇති බව පවසමින් මෙම දඬුවම නියම කළ මහේස්ත්‍රාත්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී ඇති ආගමික නිදහස උල්ලංඝනය කිරීම හා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව නිකුත් කෙරුණා.

ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ චෝදනාවන්ට වරදකරු කිරීමෙන් පසුව අධිකරණය මගින් දඬුවම් ලබාදීමට පෙර විත්ති කූඩුවේ සිට ඥානසාර හිමියන් මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙසේ පැවසුවා.

“බෞද්ධ භික්‍ෂුවක් වන තමන් වසර 20 තිස්සේ ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කරන බවත්,සැරින් සැරේ මෙලෙස කෙනෙහිලිකම් නොකර එකපාර මරා දැමීමට නියෝග කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ ලබා දුන් තීන්දුවට හෝ නඩුවට අදාළ කාරණයක් නම් සලකා බැලිය හැකි බවත්, තීන්දුවට සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචන කළ හැකි බවත් ය.

නඩුවට අදාළ නොවන පරිබාහිර කාරණා සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත් විය නොහැකි බවත් පෙන්වා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ඉන්පසුව ඥානසාර හිමියන් විසින් පිටු කිහිපයකින් සමන්විත සංදේශයක් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරනු ලැබුවා.

එම සංදේශය කියවා බැලූ මහේස්ත්‍රාත්වරයා එය නීතිපතිවරයාට හා තමන්ට අමතා ඇති බව පෙන්වා දෙමින් මාස 09ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 1500ක දඩයක් ද නියම කෙරුණා.

පැමිණිලිකරුට වන්දියක් නියම නොකරන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නා.

2016 ජූලි මස 08 වැනි දින කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳීයන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පවරා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39