උතුරු මැද 06 සහ 07 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 06 සහ 07 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

උතුරු මැද පළාත් 06 සහ 07 ශ්‍රේණිවල භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද මෙලෙස විභාගයට පෙර පිට වී තිබූ බවයි වාර්තා වුණේ.