ටෘඩෝ වෙනුවට නව නායකයෙක් තෝරන්න විශේෂ රැස්වීමක්

දශකයකට වැඩි කාලයක් කැනඩාවට සහ කැනඩාවේ ලිබරල් පක්ෂයට නායකත්වය දුන් ජස්ටින් ටෘඩෝ පක්ෂ නායකත්වයෙන් ඊයේ (06) ඉවත් වුණා.

ඒ, අනුව ඔහු දැරූ කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද ටෘඩෝට අහිමිව ගියා.

කෙසේ වෙතත් ලිබරල් පක්ෂයට නව නායකයෙක් පත් කරගන්නා තුරු තමන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා විසින් එරට පාර්ලිමේන්තු කටයුතු ද ලබන මාර්තු 24 වනදා දක්වා අත්හිටුවීමට ද ඊයේ (06) පියවර ගෙන තිබුණා.

මේ අතර කැනඩාවේ ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා මෙම සතිය තුළ පක්ෂයේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා.

පක්ෂය සඳහා නව නායකයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

54 හැවිරිදි ජස්ටින් ටෘඩෝ මුල් වරට, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ 2015 වසරේදීයි.

ජීවන වියදම සහ නිවාස සහ කුලී නිවාස මිල ගණන් ඉහළ යාම, පසුගියදා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම වැනි කරුණු මත ජස්ටින් ටෘඩෝගේ ජනප්‍රියත්වය පහළ ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05