ටෘඩෝ වෙනුවට නව නායකයෙක් තෝරන්න විශේෂ රැස්වීමක්

දශකයකට වැඩි කාලයක් කැනඩාවට සහ කැනඩාවේ ලිබරල් පක්ෂයට නායකත්වය දුන් ජස්ටින් ටෘඩෝ පක්ෂ නායකත්වයෙන් ඊයේ (06) ඉවත් වුණා.

ඒ, අනුව ඔහු දැරූ කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද ටෘඩෝට අහිමිව ගියා.

කෙසේ වෙතත් ලිබරල් පක්ෂයට නව නායකයෙක් පත් කරගන්නා තුරු තමන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ.

අග්‍රාමාත්‍යවරයා විසින් එරට පාර්ලිමේන්තු කටයුතු ද ලබන මාර්තු 24 වනදා දක්වා අත්හිටුවීමට ද ඊයේ (06) පියවර ගෙන තිබුණා.

මේ අතර කැනඩාවේ ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා මෙම සතිය තුළ පක්ෂයේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා.

පක්ෂය සඳහා නව නායකයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

54 හැවිරිදි ජස්ටින් ටෘඩෝ මුල් වරට, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වුණේ 2015 වසරේදීයි.

ජීවන වියදම සහ නිවාස සහ කුලී නිවාස මිල ගණන් ඉහළ යාම, පසුගියදා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම වැනි කරුණු මත ජස්ටින් ටෘඩෝගේ ජනප්‍රියත්වය පහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?