මුදල් කාරක සභාවේ නව සාමාජිකයින් පත් කෙරේ

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව සඳහා නව සාමාජිකයින් පත් කර තිබෙනවා.

ඒ, අනුව නව සාමාජිකයින් ලෙස චතුරංග අබේසිංහ, ෂානක්කියන් රාසමාණික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අර්කම් ඊල්ලෙයාස් යන මන්ත්‍රීවරුන් පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් මෙම පත් කිරීම් පිළිබඳ නිවේදනය අද (07) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මීට පෙර පත් කෙරුණා.