උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයේ සිංහල පේපරේ ලීක් වෙලා (වීඩියෝ)

උතුරු මැද පළාතේ අද (06) පැවැත්වීමට නියමිතව තිබූ එකොළහ ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ සිංහල ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් තුන්වන වාර පරීක්ෂණයේ සිංහල විෂය පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව පාසල් වෙත යොමු කර ඇති එකොළහ ශ්‍රේණියට අදාළ සියළුම සිංහල ප්‍රශ්න පත්‍ර කට්ටල විවෘත කිරීමකින් තොරව අද (06) පෙරවරු 9.00ට පෙර නැවතත් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

මෙම ප්‍රශ්න පත්‍රය ඊයේ (05) වට්ස්ඇප් සමූහ හරහා හුවමාරු වී ඇති අතර, ඉන් අනතුරුව පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙත විවිධ පාර්ශ්වයන් කළ පැමිණිලි අනුව කරුණු සොයාබලා එම ප්‍රශ්න පත්‍රය පැවැත්වීම වහාම අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම ප්‍රශ්න පත්‍රය පිටවූයේ කෙසේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පළාත් ප්‍රධාන ලේකම්වරයා තීරණය කර තිබෙනවා.

මේ අතර එකොළහ ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වීම ලබන 20 දින සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන උපදෙස් ලබා දී ඇත්තේ.

  1. පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර විභාගය පැවැත්වීමට පෙර සමාජගත වීම කෙරෙහි බලපාන හේතු මොනවාද…
    වරද කොතැනද…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විවෘත අල්ලස් දෙන්න හදන්නේ - රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්
06:05
Video thumbnail
අභියාචනාධිකරණය පළාත් මට්ටමට ගෙනියන්න ඕනේ
02:32
Video thumbnail
මධ්‍යම කඳුකරයේ ආපදාවට ලක් වූවන්ට ඉන්දියාවෙන් වියළි සලාක බෙදා දෙයි
01:00
Video thumbnail
කංජිපානි අල්ලන්න ගිය මෙහෙයුම ඕලුගලට වැරදුණාද ?
01:32
Video thumbnail
වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..ගොවියන් අසරණවෙයි
01:43
Video thumbnail
නාමල් කරුණාරත්න කරපු වැඩේ දැකලා කට්ටිය පුදුම වෙයි
02:31
Video thumbnail
විදෙස් ජාතිකයින්ට ගෙවල් කුලියට දෙන්න කලින් මේක දැනගන්න - පසුතැවෙන්න වෙයි
04:18
Video thumbnail
මෙහෙයුමෙන් ඇල්ලූ විෂ මත්ද්‍රව්‍යය ගැන වුට්ලර් හෙළිකරයි - හෙරෝයින් 2259kgක් - අයිස් 2653kg
03:17
Video thumbnail
තව ටික දවසක් බලමු, නැත්තම් පාරට බහිමු - සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
14:22
Video thumbnail
විදෙස් ගත සංවිධානාත්මක අපරාධකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන - කඩිනමින් ලංකාවට ගේනවා
03:51