අව්ව, වැස්ස බාධාවක් නොවී තේ දළු කඩන්න වතු කම්කරුවන්ට අලුත් කුඩයක් (ඡායාරූප)

තේ දළු නෙලන වතු කම්කරුවන්ට කුඩයක් හදුන්වාදීමට හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් අව්වෙන් සහ වැස්සෙන් පීඩාවට පත් නොවී පහසුවෙන් තේ දළු නෙලීම සඳහා මෙම කුඩය හදුන්වා දුන් බවයි වතු අධිකාරි නදීර ගුණසේකර සඳහන් කළේ.

එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ජේ.රොද්‍රිගෝ සහ සමාන්‍යාධිකාරි වසන්ත ගුණවර්ධනගේ සංකල්පයක් මත වතුයායේ තාක්ෂණ නිලධාරින් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය හදුන්වා දී තිබෙනවා.

වතු සමාගම විසින් තේ දළු නෙලන වතු කම්කරුවන්ට දැනටමත් සැහැල්ලු බටවලින් සකස් කරන ලද තේ කූඩයක් හදුන්වා දී ඇති අතර,ඊට සමගාමීව මෙම කූඩය හදුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ.

තේ කර්මාන්තය ආශ්‍රිත රැකියාවලින් ඉවත්වන වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රඳවා ගැනිමට සහ තේ කර්මාන්තය කාර්යක්ෂම කිරීමට හදුන්වාදී ඇති මෙම කූඩය රුපියල් 1,600 වැනි පිරිවැයක් දරමින් නිර්මාණය කර තිබෙනවා.

වතු කම්කරුවන්ට හදුන්වා දුන් කූඩය සඳහා පේටන් බලපත්‍රයක් ලබාගැනිමට ඉදිරියේ දී කටයුතු කරන බවයි වතු පාලන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19


?