හිමිකරුවෙක්‌ නැති මෝටර් රථයක් තලාහේනේ බැංකුවක් ඉදිරිපිට

හිමිකරුවෙක් නොමැති සුදු පැහැති මෝටර් රථයක් තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද (05) අලුයම තුනට පමණ අදාළ මෝටර් රථය පෞද්ගලික බැංකුව ඉදිරි පිට නවතා තිබෙනු දැක ඇති බැංකුවේ ආරක්ෂක නිලධාරීන්, එය උදෑසනවන විටත් ඉවත්කර නොගැනීම හේතුවෙන් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව තලංගම පොලිසියේ නිලධාරීන්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි පැමිණ අදාළ මෝටර් රථය දැඩි පරීක්ෂාවකට ලක්කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අනතුරුව රථය තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇති අතර, එය 2023 වර්ෂයේ ආදායම් බලපත්‍ර ලබාගත් මෝටර් රථයක් බවයි සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ.

මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා සම්බන්ධ රථයක් ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර, බැංකුව අසළ පිහිටි ආරක්ෂිත කැමරාවල දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?