හංවැල්ලට අයිස් බෙදූ 20 හැවිරිදි තරුණියක් පොලිස් දැලේ

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත් ජාවාරම්කරුවකුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

20 හැවිරිදි  තරුණියක් මෙලෙස අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක් සමඟ හංවැල්ල පොලිසය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණිය පොලිසිය පවසා ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් හිමි බවත්, විදෙස් ගතවීමට අවශ්‍ය මුදල් සොයාගැනීමේ අරමුණින් මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවයි.

සුරූපී තරුණියක් හංවැල්ල නගරයේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටින බව ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් ලැබුණු ඔත්තුවකට අනුව සිදුකළ මෙහෙයුමක දී ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය විසින් ඇය ඉගෙනුම ලැබූ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා ද මෙලෙස මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට ද අනාවරණය වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.