පැදිකරුවෙකුට මරු කැඳවූ අනතුර

ඊයේ (04) දහවල් කාලයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ පොතුහැර – දම්බොක්ක, රඹුක්කන මාර්ගයේ තෝරවතුර නමැති ප්‍රදේශයේදියි.

දම්බොක්ක දෙස සිට රඹුක්කන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරලීමෙන් අනතුර සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව පැදිකරු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ 24 හැවිරිදි රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොතුහැර පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?