රුපියල් මිලියන 50ක කෘෂි රසායන ද්‍රව්‍ය ගෙනා පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ව ගෙන්වූ රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුතු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ඉන්දියාවේ සිට බෝට්ටු මාර්ගයෙන් ඉතා සූක්ෂ්ම ව මෙරටට අදාළ කෘෂි රසායනික තොගය ගෙන්වා ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

සැකකරුවන් ව ඊයේ (04) අත් අඩංගුවට ගැනුණේ යාපනය – වේලනෙයි, තුරේයූර් ප්‍රදේශයේ දීයි.

කයිට්ස් පොලිසිය සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර ඒ සඳහා යුද හමුදා බුද්ධි තොරතුරු ද ඉවහල් වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වේලනෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක් වන අය බවත් ඔවුන් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34