මරණීය දණ්ඩනය හිමි වූ දුමින්දට සිර මැදිරියේ අධිසුඛෝපභෝගී ජීවිතයක්? (වීඩියෝ)

පුද්ගල ඝාතනයකට මරණ දණ්ඩනය නියම වී සිටින සිරකරුවෙකුට ලබාදෙන පහසුකම්වලට වඩා ඉක්ම වූ අධි සුඛෝපභෝගී පහසුකම් ප්‍රමාණයක් මේ වනවිට බන්ධනාගාර රෝහලේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබාදෙන බවට තොරතුරු වාර්තා වනවා.

සිරගත ව සිටින දුමින්ද සිල්වා මහතා හට ලබාදෙන අධි සුඛෝපභෝගී පහසුකම් සම්බන්ධයෙන් ඔහු සමග පසුගිය වසරේ බන්ධනාගාරගත සිටි තැනැත්තෙකු මේ පිළිබඳ ව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායකගෙන් දූරකථන මාර්ගයෙන් විමසීමක් ද සිදු කර සිටිනවා.

එම පුද්ගලයා විමසා සිටින්නේ තමන් ද පසුගිය වසරේ චෝදනාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ සිටි බවත්; එහිදී දුමින්ද සිල්වා මහතා හට දිනපතා ආහාරපාන හිමිවන්නේ පිටතින් බවයි.

වෙනත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ට ද එම පහසුකම් නොලැබෙන්නේ කුමන කාරණයක් හේතුවෙන් දැයි යන්න ද ඔහු විමසා සිටිනවා.

තවද; දුමින්ද සිල්වා මහතාගේ වැඩකටයුතු සිදු කිරීමට රැඳවියන් පිරිසක් සිටින බවත්; ඔහුට ම වෙන් වූ වැසිකිළි කාමරයක පරිගණක, දූරකථන සියල්ලම පවතින බව තමන් ඇස් දෙකටම දුටු බව ද අදාළ පුද්ගලයා දූරකථන මාර්ගයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටිනවා.

එහිදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ අදාළ රැඳවූවා සිටින සිර මැදිරි සම්බන්ධයෙන් මීට පෙර ද පරීක්ෂණ වාර්තා කැඳවා ඇති බවත්; එලෙස වරදක්; නීති උල්ලංඝනය වීමක් සිදු වන්නේ නම් එම ස්ථාන භාර පරිපාලන නිලධාරීන් විසින් වගකිව යුතු බවත් හෙතෙම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
9
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?