මරණීය දණ්ඩනය හිමි වූ දුමින්දට සිර මැදිරියේ අධිසුඛෝපභෝගී ජීවිතයක්? (වීඩියෝ)

පුද්ගල ඝාතනයකට මරණ දණ්ඩනය නියම වී සිටින සිරකරුවෙකුට ලබාදෙන පහසුකම්වලට වඩා ඉක්ම වූ අධි සුඛෝපභෝගී පහසුකම් ප්‍රමාණයක් මේ වනවිට බන්ධනාගාර රෝහලේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබාදෙන බවට තොරතුරු වාර්තා වනවා.

සිරගත ව සිටින දුමින්ද සිල්වා මහතා හට ලබාදෙන අධි සුඛෝපභෝගී පහසුකම් සම්බන්ධයෙන් ඔහු සමග පසුගිය වසරේ බන්ධනාගාරගත සිටි තැනැත්තෙකු මේ පිළිබඳ ව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායකගෙන් දූරකථන මාර්ගයෙන් විමසීමක් ද සිදු කර සිටිනවා.

එම පුද්ගලයා විමසා සිටින්නේ තමන් ද පසුගිය වසරේ චෝදනාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයේ සිටි බවත්; එහිදී දුමින්ද සිල්වා මහතා හට දිනපතා ආහාරපාන හිමිවන්නේ පිටතින් බවයි.

වෙනත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ට ද එම පහසුකම් නොලැබෙන්නේ කුමන කාරණයක් හේතුවෙන් දැයි යන්න ද ඔහු විමසා සිටිනවා.

තවද; දුමින්ද සිල්වා මහතාගේ වැඩකටයුතු සිදු කිරීමට රැඳවියන් පිරිසක් සිටින බවත්; ඔහුට ම වෙන් වූ වැසිකිළි කාමරයක පරිගණක, දූරකථන සියල්ලම පවතින බව තමන් ඇස් දෙකටම දුටු බව ද අදාළ පුද්ගලයා දූරකථන මාර්ගයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටිනවා.

එහිදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ අදාළ රැඳවූවා සිටින සිර මැදිරි සම්බන්ධයෙන් මීට පෙර ද පරීක්ෂණ වාර්තා කැඳවා ඇති බවත්; එලෙස වරදක්; නීති උල්ලංඝනය වීමක් සිදු වන්නේ නම් එම ස්ථාන භාර පරිපාලන නිලධාරීන් විසින් වගකිව යුතු බවත් හෙතෙම පවසනවා.

  1. ක්ලීන් ශ්‍රීලංකා වැඩ සටහන යටතේ සියළු බන්ධනාගාර හොඳටම ක්ලීන් කල යුතුයි..
    පගා මරුවන්ගේ තෝ තැන්නක් වී ඇති බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම සුද්ධ කල යුතුයි..
    තවද බන්ධනාගාරවල සේවය කරන නිලධාරීන්ගේ වත්කම් සොයා බැලීම ඉක්මනින්ම කල යුතුයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14