Empty Ad
AFC Banner
AFC Banner

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය දිවි ගමනට සමුදෙයි

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (02) දිනයේ දී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

103 හැවිරිදි වියේ පසු වූ ඇය පසුගිය සතියේ නියුමෝනියා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල් ගතකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි.

පස් වතාවක් ඔලිම්පික් ශූර හංගේරියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා කෙලෙටි, වර්ෂ 1952 ෆින්ලන්තයේ හෙල්සින්කි හි දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පළමු රන් පදක්කම දිනාගත්තා.

ඒ, වනවිට ඇය 31 හැවිරිදි වියේ පසු වූ අතර, ඉන් වසර හතරකට පසු එනම් 1956 දී මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී තවත් රන් පදක්කම් 04ක් දිනූ වයස්ගතම කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත් වුණා.

කෙලෙටි රන් පදක්කම් 05ක් ද ඇතුළුව සමස්ත ඔලිම්පික් පදක්කම් 10ක් දිනාගත් අතර, දෙවන සාර්ථකම හංගේරියානු මලල ක්‍රීඩිකාව බවට ද ඇය පත් වුණා.

1921 දී බුඩාපෙස්ට් හි උපත ලැබූ ඇග්නස් කෙලෙටි 1940 දී පළමු හංගේරියානු ශූරතාව දිනාගත් පසු ඇයගේ යුදෙව් සම්භවය හේතුවෙන් ඇයට සියලු ක්‍රීඩා කටයුතු කලක් තහනම්ව පැවතියා.

හංගේරියානු ඔලිම්පික් කමිටුවට අනුව, කෙලෙටි ව්‍යාජ ලියකියවිලි සමඟ බුඩාපෙස්ට් නගරයට දකුණින් පිහිටි ගම්මානයක සැඟවී සිට නාසි මරණ කඳවුරුවලට පිටුවහල් කිරීමෙන් බේරී ඇති අතර, ඇගේ පියා සහ ඥාතීන් කිහිප දෙනෙක් අවුෂ්විට්ස් ඝාතන කඳවුරේ දී මිය ගොස් තිබෙනවා.

1956 මෙල්බර්න් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් වසරකට පසු, කෙලෙටි ඊශ්‍රායලයේ පදිංචි වූ අතර එහිදී ඇය විවාහ වී ජිම්නාස්ටික් පුහුණු කිරීම්වල නිරතව සිටි බව සඳහන්.

ඇය එළඹෙන ජනවාරි 09 වන දින 104 වන වියට පා තැබීමට සූදානමින් සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය පීරයි
07:29
Video thumbnail
අනුරට එරෙහිව පක්ෂය ඇතුළේ කුමන්ත්‍රණයක් - හෙළිදරව්ව මෙන්න
07:06
Video thumbnail
පොහොට්ටුවේ මන්ත්‍රී ඇප අරං එළියට - ඇවිත් කියපු එකම එක වචනය මෙන්න
02:34
Video thumbnail
අද මාධ්‍ය හමුවේ පත්තර කියවපු නලින්දට සජබේ වරුණ දෙහි කපයි
03:06
Video thumbnail
කිව්ව විදියට අත්‍යාවශ්‍ය භාණ්ඩ වල බදු අයින් කරන්න
06:30
Video thumbnail
සර්වජනයේ ඉන්නේ පෙට්ටි කඩයක්වත් නොකරපු කට්ටිය නෙවෙයි
01:52
Video thumbnail
අපි එයා ජනාධිපති වෙන්න කලින්ම කිව්වා - දෙන පොරොන්දු ඉටු කරන්න බෑ කියලා.
01:11
Video thumbnail
සජබේ JC ඇමති නලින්දව ෆ්ලැට් කරපු මාධ්‍ය හමුව
22:05
Video thumbnail
නිකන් හදලා දුන්න බිල්ඩින් එක ගැන ඇමති නලින්ද කිව්ව දේ හරිද?
07:11
Video thumbnail
නව අවුරුදු ත්‍රස්ත ප්‍රහාරයේ ඇත්ත කතාව #trump #elonmusk
08:45

?