හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
අද (03) පෙරවරුවේ ඒ මහතා ඉඩමක හිමිකාරීත්වයක් සම්බන්ධයෙන් වූ සිදුවීමකට අදාළ ව ප්රකාශයක් ලබා දීම සඳහා මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කතරගම රජයට අයත් ඉඩමක අයිතිය සම්බන්ධයෙනුයි මෙම ගැටලුව පැන නැගී ඇත්තේ.
මේ හේතුවෙන් අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට දන්වා තිබුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1