කිවියන් හමුවේ අවසන් T20 ජයෙන් සිංහයෝ ලැජ්ජාවෙන් බේරෙති

නවසීලන්තය පරාජයට පත් කරමින් තරග 03කින් සමන්විත අවසන් T20 තරගය ලකුණු 07කින් ජයග්‍රහණය කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

නෙල්සන් ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසියේ ජය නවසීලන්තයට හිමිකර දෙමින් ඇරඹි මෙම තරගයේ පළමු ව පන්දුවට පහරදීමේ ඇරයුම පිළිගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ඉතිහාසය අලුතින් ලියමින් මුල් පෙළ පිතිකරු කුසල් පෙරේරා පන්දු 46ක දී ලැබූ ප්‍රවේගකාරී ශතකය (101) මෙම ජයග්‍රහණයට දැවැන්ත පිටිවහලක් වූ බව නියත යි.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකට අද දිනයේ සිතූ තරම් සාර්ථක වීමට ඉඩ නොලැබුණ ද කුසල් පෙරේරා සිය පිතිකරණයේ වැදගත්කම මනා අයුරින් අවබෝධ කරගනිමින් නායක අසලංක සමග ගොඩනැගූ ලකුණු 100ක සබඳතාව අගය කළ යුතු ඉනිමක් වනවා.

පෙර තරග ද්විත්වයේ දී ම මුල් පෙළ සාර්ථක වුව ද මැද පෙළ දියාරු වූ පසුබිමක කණ්ඩායමේ වගකීම කරට ගත් කුසල් ජනිත් පෙරේරා තරගයට නව ජීවයක් ගෙන දුන්නේ වසර 14කට පසුව ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියමින්.

2011 වර්ෂයේ දී ටී.එම් ඩිල්ෂාන් ලබා තිබූ T20 ශතකයෙන් පසුව ශතකයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා අද සමත් වූයේ පන්දු 46ක දී ලකුණු 101ක් ලබා ගනිමින්.

ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 13ක් ඇතුළත්.

එමෙන්ම කුසල්ගේ මෙම ශතකය ලාංකික ක්‍රීඩකයෙකු ලබාගත් වේගවත්ම T20 ශතකයයි.

මීට අමතර ව නායක අසලංක ද පන්දු 21ක දී ලකුණු 46ක් ලබාගත්තේ හයේ පහර 05ක් සහ එක් හතරේ පහරක් සමගින්.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් සැන්ට්නර්, ෆෝල්ක්ස්, ඩෆී, ඩැරිල් මිචෙල් සහ මැට් හෙන්‍රි එක් ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව අවසන් තරගය ජය ගනිමින් තරගාවලිය තරග 3-0ක් ලෙස සත්කාරකයින්ට ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් ලකුණු 219ක ඉලක්කයක් හිමි වුණා.

පිළිතුරු ඉනිම ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කිවියන් සටන ලෙහෙසියෙන් අතහරින්නට සූදානම් වූයේ නැහැ.

ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා වේග පන්දු බලඇණියට එලව එලවා පහර දුන් රොබින්සන් සහ රචින් රවින්ද්‍රා ලකුණු 81ක සබඳතාවක් ගොඩනැගුවා.

තරගයේ ජයග්‍රහණය වරෙක ශ්‍රී ලංකාවටත් වරෙක නවසීලන්තයටත් දෝලනය වන පසුබිමක නායක අසලංකගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තයේ ප්‍රබල පිතිකරුවන් තිදෙනකු දැවී ගියා.

ඒ වනවිටත් ලකුණු 69ක් ලබා සිටි රචින් දවා ගැනීමට ද අසලංකගේ පන්දු යැවීමට හැකි වුණා.

රොබින්සන් ලකුණු 37ක් සහ ඩැරිල් මිචෙල් ලකුණු 35ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග කඩුලු 02ක්, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර එක් ව එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඒ අනුව තරග 03කින් සමන්විත T20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය ජය ගනිද්දී සත්කාරක කිවියන්ට තරගාවලියේ ජය හිමිවුණා.

තරගයේ වීරයා සම්මානය කුසල් පෙරේරා ලබාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය හිමි වූයේ නවසීලන්තයේ වේග පන්දු ක්‍රීඩක ජැකොබ් ඩෆී හට යි.

මේ අතර දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් ද ආරම්භ වීමට නියමිත අතර එය ජනවාරි මස 05 වැනි දින වෙලින්ග්ටන් හි දී ආරම්භ වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18